පොලීසියට ගල් ගැසූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට
- Editor
- November 17, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
අනුරාධපුර, සමූහ ගොවිපල පුබුදුපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කාන්තාවන් පිරිසකගෙන් ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
ඊයේ (16) දිනයේ දී එම ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණා.
එහිදී මෙම සිදුවීම සිදු වී ඇති අතර මේ නිසා පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකාර කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තාවන්නේ.

