අනතුරට පත්වූ සරණාගත ශ්‍රී ලාංකිකයින් 300 කට අධික පිරිසක් රැගත් ධීවර යාත්‍රාවක් මුදාගැනේ..
- Editor
- November 8, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
සරණාගතයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07) වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්ව තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි සඳහන් කළේ, ඔවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

