ඉන්ධන ඇනවුම් නොකළ ඉන්ධනහල්වලට දින 3 ක දඬුවම් කාලයක්
- Editor
- November 6, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වැසී ගොස් ඇති අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතිනවා.
දඬුවම් ක්‍රියාමාර්ගය හේතුවෙන් පාරිභෝගිකයින්ට අපහසුතාවට පත්වී ඇති බවත් අද (06) දිනය වන විට ඉන්ධන ලැබේවි යැයි අපේක්ෂා කරන බව සංගමයේ ලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් සඳහන් කළා.

