ඉදිකිරීම් ක්ෂේත්රයේ ගැටලු ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- Editor
- October 21, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ඉදිකිරීම් ක්ෂේත්රය පවත්වාගෙන යාම සහ ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා කර තිබෙනවා.

