කජීමාවත්ත ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් වෙයි
- Editor
- October 17, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ගිනිගැනීමට ලක්වු මෝදර මාදම්පිටිය කජීමාවත්තේ පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසනවා.
කජීමාවත්ත ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදුන් වාර්තාව මඟින් අදාළ තොරතුරු අනාවරණය වී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ හැකියාවක් නොමැති බව අදාළ වාර්තාව මඟින් සඳහන් කර තිබෙනවා.

