පෙට්‍රල් සහ ඩීසල් මිල පහළට
- Editor
- October 17, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අනෙකුත් ඉන්ධන මිල ගණන් කිසිඳු වෙනසක් සිදු නොවන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අඩුවූ මිල සහ නව මිල පහතින්, * පෙට්‍රල් 92 – රු.40 කින් (නව මිල රු.370) * ඔටෝ ඩීසල් – රු.15 කින් (නව මිල රු.415) මේ අතර ලංකා IOC සමාගමද මිල සංශෝධනය අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි එම සමාගම නිවේදනය කළේ.

