සිසුන්ගෙන් 25% ක් ආහාර නොමැති නිසා පාසල් නොපැමිණෙන බවට අනාවරණයක්
- Editor
- September 24, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ආහාර නොමැතිවීම හේතුවෙන් කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ සෑම පාසලකම ළමුන්ගෙන් 25% ක් දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පවසනවා.
ඒ අනුව කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීවී ලියනගේ සඳහන් කරන්නේ දැනට මාස කිහිපයක සිට දරුවන්ගේ පාසල් පැමිණීමට සතුටුදායක මට්ටමක නොමැති බවයි.
එම කොට්ඨාසයේ එක් පාසලක දෛනිකව 52% ක් 54% ක් පමණක් පාසල් පැමිණෙන බවත් දරුවන්ට උදෑසන ආහාරය නොමැති නිසා ඔවුන් පාසල් නොපැමිණෙන බවයි ඇය සඳහන් කළේ.

