ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සිකුරාදා ජාත්‍යන්තරයට
- Editor
- September 23, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ශ්‍රී ලංකාව විසින් සකස් කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන එළඹෙන සිකුරාදා ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ අනුව එළඹෙන සිකුරාදා දින සිට ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

