කාර්යාල ඇඳුම් පිළිබඳව නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අවධානය
- Editor
- September 23, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේදී සුදුසු ගැලපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.
කාර්යාලවලට පැමිණීමේදී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය හෝ සුදුසු කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට මේ වන විටත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර කෙසේ වෙතත් එය නිවැරදිව ක්‍රියාත්මක නොවන බවයි අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් සුදුසු ගැලපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

