ඉන්දියාව සමඟ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹේ
- Editor
- September 21, 2022
- ආර්ථික සහ ව්යාපාරික
- 0 Comments
ඉන්දියාව මෙරට බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව එම සාකච්ඡා සුහදශීලීව පැවත්වූ බවයි මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබෙන්නේ.

