ලංකාවට අවශ්‍ය ආහාර සහ ඖෂධ වෙනුවෙන් ආධාර එකතු කිරීමේ වැඩසටහනක්
- Editor
- September 20, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ආහාර සුරක්ෂිතතාව සහ ඖෂධ ඇතුළු වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ආධාර එක්රැස් කිරීමේ වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කාර්යාලය ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව www.undp.org/srilanka/donate වෙබ් අඩවිය මහඟින් ලොවපුරා සිටින ඕනෑම අයෙකුට මුදල් පරිත්‍යාග කිරීමේ හැකියාව පවතිනවා.
ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී සිටින බවත් අර්බුදයේ බලපෑම ආහාර සුරක්ෂිතතාව සෞඛ්‍ය හා අධ්‍යාපනය ආදී සෑම ක්ෂේත්රයකම විහිදී ඇති බවයි එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් පවසන්නේ.
ශ්‍රී ලංකාවේ මිතුරන්ට මෙම අවස්ථාවේ රට වෙනුවෙන් එකතුවීමට ඇරයුම් කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

