විදෙස්ගත වෙන්න තැරැව්කරුවන්ට මුදල් දෙන්න එපා
- Editor
- September 20, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට මිනිසුන් යැවීමේ ජාවාරමක් පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ඒ අනුව විදේශ රැකියා අවස්ථා ලබාදීමට මුදල් ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
විදේශගත වීමේ දී මොනයම් හෝ රටකට යාමට තැරැව්කරුවන්ට මුදල් දීමෙන් වළකින ලෙසත් එසේ මුදල් ලබාදුන් පසු නැවත එම මුදල් ලබා ගැනීමට අපහසු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එසේ මුදල් අයකරන වංචනික පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙසත් ඒවා පිළිබඳ සොයාබලා නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

