පිටරට සහල් මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා නෙමෙයි
- Editor
- September 15, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
පිටරටින් ආනයනය කරන සහල් සත්වයින්ට මිස මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒවා සඳහා විශාල වශයෙන් මෙරට භාවිතා නොකරන රසානික ද්‍රව්‍ය මෙන්ම, බාල පොහොර වර්ගද භාවිතා කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඒ හේතුවෙන් සත්ව ආහාර සඳහා සහල් භාවිතා කළ නොහැකි බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර, ඒවායින් කොටසක් සත්ව පරිභෝජනය සඳහා ලබාදී, ජනතාවගේ පරිභෝජනය සඳහා මෙරට ගොවියන් සපයන හොඳ ප්‍රමිතියෙන් යුත් සහල් යොදාගත යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

