ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියන 100ක්
- Editor
- September 14, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය මඟින් සැලසෙන අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට යොදාගැනීමට නියමිතයි.

