ආසියානු කුසලාන තරඟාවලියේ වීරයා වනිඳු හසරංග

Spread the love

හය වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියක ශූරතාවය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ මෙවර පැවැති පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව ඊයේ (11) පැවති අවසන් තරඟයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් භානුක රාජපක්ෂ නම් කර තිබුණා. එසේම තරඟාවලියේ වීරයා ලෙස වනිදු හසරංග නම් කර තිබුණා.