![](https://s.readsrilanka.com/wp-content/uploads/2022/08/201907asia_sri_lanka_court-790x474.webp)
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, තිස්ස බණ්ඩාර රත්නායක, එච්.ඩී.ජේ.කුලතුංග, බී.පී.දහනායක ඇතුළු 9 දෙනෙකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.