ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙක් යළිත් රිමාන්ඩ් කිරීමට නියෝග
- RSL
- August 12, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදුකිරීමේ චෝදනාවට අදාළව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
අදාළ නඩුව අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

