භූමිතෙල් මිල සංශෝධනය කිරීමට රජයේ අවධානය
- Editor
- August 10, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
එළඹෙන 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මේ මස 13 වනදා බොරතෙල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවත් දෙවන නෞකාව 29 වනදා පැමිණීමට නියමිත බවට මේ වන විට දන්වා ඇති බවයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 15 වනදා සිට තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් එදින සිට දින දෙකක් තුළ භූමිතෙල් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි. එසේම භූමිතෙල් රුපියල් 87 ක මුදලකට ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ඒ හේතුවෙන් මිල සංශෝධනයක් කිරීමට මේ වන විට රජයේ අවධානය යොමුව ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

