තෙල්මිල පොඩ්ඩක් පහළට
- RSL
- August 1, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ.
බොහෝ දුරට අද(1) මධ්‍යම රාත්‍රියේ සිට එම අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇත.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්ධන මිල රුපියල් දහයත් විස්සක් අතර සංඛ්‍යාවකින් අඩු කිරීමට පියවර ගත්තේය.

