QR කේතය හරහා ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන
- RSL
- July 29, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
ජාතික ඉන්ධන බලපත්‍රය හරහා පසුගිය 21 වැනිදා සිට ඊයේ (28) රාත්‍රී දක්වා රථ වාහන 536,055 ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් ඉන්ධන පිරවුම්හල් 536කින් QR කේතය අනුව ඊයේ දිනයේ පමණක් 187,005ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන පිරවුම්හල් 826 ක් ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදයට මේ වන විට අනුගතවී සිටින බවත් සමස්ල වාහන 4,479,376 ක් ඊයේ රාත්‍රී වන විට ඒ සඳහා ලියාපදිංචි වී සිටි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

