කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට
- RSL
- July 28, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත් මහජන ආරක්ෂක හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්රකාශ කළේය.
යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද පැවසීය.

