වේරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලීසිය කරුණු පැහැදිළි කරයි
- RSL
- July 28, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මත ගෝල්ෆේස් අරගලයේ ක්රියාකාරී සාමාජිකයෙකු වූ ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටිනවා.
ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ගෙන ගොස් අදාළ විමර්ශනයන් සිදු කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බවයි පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ.
සැකකරු අද කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

