ඉන්ධන කෝටාව සෑම සතියකම ඉරිදා දින යාවත්කාලීන වෙයි
- RSL
- July 28, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
ඉදිරියේදී රටට ඉන්ධන ලැබෙන තත්ත්වය අනුව එක් පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන කෝටාව අඩු වැඩි වියහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකර චමින්ද සමරකෝන් පවසනවා.
ඒ අනුව සතියේ ඉන්ධන කෝටාව සෑම සතියකම ඉරිදා දින යාවත්කාලීන කරන බවත් රට තුළ ඇති ඉන්ධන සංචිත ප්‍රමාණය අනුව එය වෙනස් වන බවයි ඔහු සඳහන් කරන්නේ.
මීට පෙර දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,700ක් පමණ වෙළෙඳපොළට මුදාහැරියද අද වන විට එය 3,000 ට සීමාවී ඇති බවත් ඩීසල්ද දෛනිකව නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 4,000 ක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

