ජනපති මැදුරේ පිත්තල බෝල සොරකම් කල සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
- RSL
- July 25, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් පෞරාණික භාණ්ඩ ලෙස පවසා අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ් අනුව ජූලි මස 09 වනදා ඇතුළු වූ අදාළ සැකකරුවන් එහි ජනෙල් තිර රෙදි එල්ලීම සඳහා බිත්තවල සවිකර තිබු රත්‍රං පැහැති පිත්තල බෝල 40ක් සොරකම් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සොරකම්කරන ලද එම භාණ්ඩ පසුව පෞරාණික භාණ්ඩ ලෙස පවසමින් අලෙවි කිරීමට සුදානම්ව සිටිය දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ත් 37ත් අතර වයස් කාණ්ඩවල පසුවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

