රූපවාහිණියට කඩා පැන්න පිරිසක් සොයා මෙහෙයුමක්
- RSL
- July 21, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
පසුගිය පසුගිය 13 වැනිදා පැවති විරෝධතාවක් අතරතුරදී ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී බලහත්කාරයෙන් සජීවී වැඩසටහනකට එක්වූ පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිස් මූලස්ථානයට උපදෙස් ලබාදී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබාගත් උපදෙස් මත මෙම නඩු පැවරීම සිදු කිරීමට නියමිතය. ඒ අනුව රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට කටයුතු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය අදාල වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරමින් සිටීති.

