රනිල් හදීසි නිතිය ගැසට් නිවේදනයක් හරහා පනවයි
- RSL
- July 18, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
ශ්‍රී ලංකාව තුළ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම පියවරගෙන තිබෙනවා.

