අරුම පුදුම මඤ්ඤොක්කා
- Editor
- February 20, 2022
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ගලේවෙල මොරගොල්ල ප්රදේශයේ ඩබ්ලිව්. එම්. මේනක නිශ්ශංක විජේරත්න තරුණ ගොවි මහතාගේ ගෙවත්ත තුළ කළ මඤ්ඤොක්කා වගාවෙන් ඉතා සාර්ථක අස්වැන්නක් ලැබී තිබේ.
මඤ්ඤොක්කා එක අලයක් ගල්වා ගත් කල එහි බර කිලෝ 15-20 අතර විශාල බව තරුණ ගොවි මහතා සඳහන් කර සිටී.

මෙම අරුම පුදුම මඤ්ඤොක්කා ගස් පිළිබඳව සොයා බැලීම්ට ගිය අවස්ථාවේදී එක අලයක් පමණක් ගලවා එහි විශාලත්වය පෙන්වීම්ට නිශ්ශංක විජේරත්න මහතා ඉදිරිපත් විය.
තම ගෙවත්තේ ඇති මඤ්ඤොක්කා ගස් වල මේ ආකාරයෙන්ම අරුම පුදුම විදියට මඤ්ඤොක්කා අල එරී තිබෙන බවත් ඒවා හැකි ආකාරයෙන් ආහාරයට ගැනීම සිදු කරන අතර අලෙවි කිරීමක් සිදු නොකරන බව ඔහු සඳහන් කළේය.
සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

