‘පැණි ධම්මිකගේ‘ බාල සොහොයුරා කොවිඩ්වලින් මරුට
- Editor
- February 16, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ්-19 සුව කිරීමට යැයි කියන පැණියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ධම්මික බණ්ඩාරගේ බාල සොහොයුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රා තුනම ලබාගෙන තිබියදීත් කොවිඩ් නියුමෝනියාවෙන් මියගොස් තිබේ.
කෑගල්ල පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු බවයි. තිදරු පියෙකු වූ ඔහු පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය පෙබරවාරි 12 වනදා නිවසේ දී මියගොස් ඇත. කෑගල්ල රෝහලේදී සිදු කරන ලද ඇන්ටිජන් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් පසු ඔහුට Covid-19 ආසාදනය වී ඇති බව තහවුරු විය.

