බ්‍රහස්පතින්දා දක්වා විදුලිය විසන්ධි නොකරන බවට සහතිකයක්
- Editor
- January 25, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබී ඇති බැවින් බ්‍රහස්පතින්දා (27) දක්වා විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසයි.
බ්‍රහස්පතින්දායින් පසු ඉන්ධන සැපයීමේ හැකියාව මත තත්ත්වය නැවත තක්සේරු කරන නමුත් දීර්ඝ කාලීන විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව ඔහු පැවසීය.
‘‘බ‍්‍රහස්පතින්දා වන විට දැවි තෙල් තොගයක් රටට ලැබෙනු ඇත. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් ගල් අඟුරු තොගයක් ඉරිදා (30) ළඟා වීමට නියමිතය. ඒ නිසා අපිට තියෙන දත්ත අනුව වැඩි කාලයක් විදුලිය විසන්ධි කරන්න අවශ්‍ය නැහැ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ කැලණිතිස්ස බලාගාරය බල ගැන්වීමෙන් පසු මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් වීමට නියමිතයි‘ ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

