ගොවීනුත් නෑ – ව්‍යාපාරිකයිනුත් නෑ – දඹුල්ල ආර්ථිකේ පාළුවෙයි

Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 22 දින එළවළු ලැබීම 60% කින් පමණ පහත වැටීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානය වෙනදාට වඩා වැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වා දෙති.

ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා 23 සහ 24 දිනවල රැගෙන ඒම සඳහා අස්වනු නෙළීම නොකර සිටීම මෙයට හේතුව වී ඇති බවය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන්ගේද අඩුවක්ද විශාල වශයෙන් මෙදින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති.

ඊට හේතුව ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ අනුමාන කිරීමය. වෙනදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ දෙකත් තුනත් අතර ප්‍රමාණයක් ලැබුණ ද මෙදින එයින් සියයට හැටකටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබීමත් සමග මිලද පසුගිය දින දිනවලට සාපේක්ෂව පැවති බවද ඇතැම් එළවළු වර්ග වල මිල යම් මට්ටමකින් අඩු වීමක් දක්නට තිබෙන බව ද ව්‍යාපාරිකයෝ පවසති.

එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කලබලයකින් තොරව ක්‍රියාත්මක වන අතර ඇතැම් වෙළඳ සැල් කම්කරුවන් සේවකයන් තැන තැන ජංගම දුරකථන භාවිතා කරමින් වාඩිවී සිටින අයුරුද දැක ගැනීමට හැකි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 22 දින උදේ එළවළු කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

ගෝවා 280 -300
බෝංචි 250- 280
ලීක්ස් 200-250
කැරට් 370 -380
තක්කාලි 260-280
රාබු 70 -100
නෝකෝල් 150-160
කැකිරි 85 -100
පිපිඤ්ඤා 85 -90
වැලිමඩ අර්තාපල් අල 180- 190
ආනයනය කරන ලද අර්තාපල් 180 – 185
වැටකොළු 180-200
කරවිල 230-230
වට්ටක්කා 40-60
වම්බටු 260 -270
එළබටු 280 -300
දඹල 190-200
මෑකරල් 180 -200
මාළු මිරිස් 550-.600
අමුමිරිස් 670 -700
ලොකු ලූනු විදේශීය 190 -200
ලොකු ළූණු දේශීය 200- 270
බතල 100- 110
කතාව සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Tags: