අගමැතිගේ යෝජනාවෙන් ‘යොහානිට කොළඹින් ඉඩමක්‘
- Editor
- December 20, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට කොළඹින් ඉඩමක් පිරිනැමීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ඇය විසින් ගෝලීය සංගීත ක්ෂේත්‍රය තුළ දක්වන ලද දක්ෂතා අගයමින් මෙම පරිත්‍යාගය සිදුවනු ඇති බවයි එම වාර්තාව වැඩි දුරටත් පවසන්නේ.
ඒ අනුව බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 9ක ඉඩමක් රජයෙන් ත්‍යාගයක් ලෙස යොහානි වෙත පිරිනැමීමට නියමිත අතර එම යෝජනාව නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

