‘ජනවාරි 01 දා සිට පොදු ස්ථානවලට යන විට COVID එන්නත් කාඩ්පත අනිවාර්යයි‘
- Editor
- December 19, 2021
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
ජනවාරි 1 වැනිදා සිට පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයින්ට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පුද්ගලයින් කටයුතු නොකිරීම හේතුවෙන් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කළ බවයි නව තීරණයට හේතු දක්වමින් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.
‘‘පුද්ගලයන් කොවිඩ් එන්නත් කාඩ්පත හෝ එහි පිටපතක් ළඟ තබාගත යුතුයි. එසේ නොවන්නේ නම් QR කේතය සහිත ඩිජිටල් එන්නත් කාඩ්පතේ පිටපතක් ළඟ තබාගත යුතුයි‘ සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

