ඔමික්‍රෝන් හිතපු තරම් බිහිසුණු නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී
- Editor
- December 9, 2021
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මහතා විසින් හෙළිකර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය, බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත්, එය ‘ඩෙල්ටා’ විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බවයි.
අද වන විට, ලොව සියයට 90 ක් ‘කොවිඩ් 19’ රෝගීන් ලෙස වාර්තා වන්නේ ‘ඩෙල්ටා’ විකෘති ප්‍රභේදය ආසාදනය වූවන් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙහිදී හෙළි කළා.
‘ඔහු මෙසේ ද පැවසුවේය, ‘’ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් තහවුරු වූ තවත් කරුණක් නම්, එය පිටපිට කිහිප වතාවක් ආසාදනය වීමට ඇති හැකියාවයි. ඊට අමතරව, මෙතෙක් නිපදවා ඇති ඕනෑම ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතකින් ‘ඔමික්‍රෝන්’ අඩපණ කිරීමට යම්තාක් දුරකට හෝ ප්‍රතිශක්තියක් ලැබෙන බව විද්‍යාඥයින් විසින් හෙළිකර ගෙන තිබෙනවා. කෙසේ නමුත් මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතියේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් දත්ත ලැබෙමින් තිබෙනවා.. එය සිතූ තරම් බිහිසුණු විකෘතියක් නොවන බවයි පෙනෙන්ට තිබෙන්නේ. එනිසා ඔමික්‍රෝන් ගැන අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ‘‘

