විදේශගතවීමට ගමන් බලපත්‍ර ලබා ගන්න පැමිණෙන අයට පණිවුඩයක්
- Editor
- November 1, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමට පෙර දිනයක් සහ වෙලාවක් වෙන්කර ගන්නා ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ කැමති දිනයක් සහ වෙලාවක් ලබාගත හැකි බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පැවසීය. මේ දිනවල ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවත් ඔහු පැවසීය

