මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික පොටෑසියම් පොහොර තොගය කොළඹ වරායට
- Editor
- October 13, 2021
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මහ කන්නය සදහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික්ටොන් 30,000ක් අද (13) කොළඹ වරායෙන් ගොඩ බාන ලද බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද (13) රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාම,ලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කරන බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

