ශ්‍රී ලංකාව T20 ශ්‍රේණිගත කිරීම් අතර 10 වැනි ස්ථානයට
- Editor
- September 16, 2021
- ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල 10 වැනි තැන දක්වා පල්ලම් බැස තිබේ.
දකුණු අප්‍රිකාව හමුවේ ලද පරාජයත් සමග ශ්‍රී ලංකාවේ ලකණු සංඛ්‍යාව 229ක් දක්වා පහළ ගොස් ඇති අතර මෙම තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ පසු වූ අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 235ක් විය.
දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 246ක් ලබා ගනිමින් 05 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්ත ද දකුණු අප්‍රිකාව පසුවන ස්ථානයේ වෙනසක් සිදුව නැත.
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ එංගලන්තය ද, දෙවැනි ස්ථානයේ ඉන්දියාව ද, දෙවැනි ස්ථානයේ පාකිස්ථානය සහ සිවුවන ස්ථානයේ නවසීලන්තය ද පසුවේ.
බංග්ලාදේශය 06 වැනි ස්ථානයේ ද, ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 07 වැනි ස්ථානයේ ද ඇෆ්ගනිස්ථානය 08 වැනි ස්ථානයේ ද බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම 09 වැනි ස්ථානයේ ද පසුවේ.

