සීනිවලට උපරිම මිල ගැසට් කරයි
- Editor
- September 3, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සීනි අලෙවි කිරීමේ උපරිම මිල ගණන් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අංක 2243/13 නම් එම ගැසට් නිවේදනය ඊයේ ප්‍රසිද්ධ කළ අතර අදාළ මිල ගණන් ඊයේ (02) සිට ක්‍රියාත්මක කරන ලෙස නිවේදනය කර ඇත. ඒ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 116ක් ද, එහි උපරිම සිල්ලර මිල පැකට් කළ කිලෝවක් රුපියල් 125ක් ද, පැකට් නොකළ රුපියල් 122/-ක් ද වශයෙන් දැක්වේ.
දුඹුරු සීනි කිලෝවක පැකට් නොකළ රුපියල් 125/-ක් සහ පැකට් කළ රුපියල් 128/-ක් ලෙස දැක්වේ.
මෙම ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත දිසානායකගේ අත්සනින් නිකුත් කර තිබේ.


