ඉහළම මරණ සහ ආසාදිතයින් ගණන තහවුරු කරයි
- Editor
- August 21, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (20) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාව අනුව පුද්ගලයින් 195 දෙනෙකු ඊයේ (19) මරණයට පත්ව තිබේ. ඒ අනුව කාන්තාවන් 97 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 98 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත. ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 6,985 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අද (20) දිනයේ මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් 3,839 දෙනෙකු හමු වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.ො
මේ වනවිට ආසාදිතයින් 47,661 දෙනෙකු රෝහල්වල ප්රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 377,004කි.

