ඉන්ධන හිඟයක් ගැන බලශක්ති ඇමැතිගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්
- Editor
- August 18, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සිය ට්විටර් ගිනුම හරහා සිදුකළ ප්‍රකාශයක් නිසා මේ වන විට ඉන්ධන සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
“තිත්ත ඇත්ත නම්, අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. 2021 මුල් භාගයේ ආනයන වියදමින් 18%ක් වැඩ ඉන්ධන සඳහා ය. අවසන් මාස 6දී එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු.” යනුවෙන් ඇමැතිවරයා කළ ප්‍රකාශයේ සදහන් වෙනවා.
බල ශක්ති ඇමතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හරහා ගම්‍ය වන්නේ ඉදිරියේ දී රට තුළ ඉන්ධන සැපයුම බරපතළ ලෙස සීමා වීම හෝ අඩාල වීම බවයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආර්ථික විශේෂඥයින් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ.

