‘රට වසා දමන්නේ නැහැ‘ – ජනපති අවධාරණය කරයි
- Editor
- August 13, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී අවධාරණය කර ඇතැයි වාර්තා වේ.
රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු සංවිධාන රැසක් තත්ත්වය පාලනය කර ගැනීම සහ රෝහල් පද්ධතියට සහනයක් ලබා ගැනීම සදහා කඩිනමින් රට වසා දමන ලෙස දැඩි ඉල්ලීමක් කර තිබුණි.

