‘කොවිඩ් එන්නත් මිශ්‍ර කිරීම ගැන‘ WHO වෙතින් දැඩි අනතුරු ඇගයීමක්
- Editor
- July 13, 2021
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීමෙන් සහ සැසඳීමෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් බවත් එබැවින් විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඊයේ (12) පැවැසුවා ය.
ගෝලීය ‘කොවිඩ්-19’ වසංගත තත්තත්වය සම්බන්ධයෙන් දින කිහිපයකට වරක් පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මේ බව අවධාරණය කළ ඇය වැඩි දුරටත් කියා සිටියේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි එන්නත් මාත්‍රා ගන්නේ කවදාද ? , කවුද ? යන්න පුරවැසියන් තීරණයට කිරීමට පටන් ගත්තොත් ව්‍යාකූල තත්ත්වයක් ඇති වනු ඇති බවයි.
“මේක තරමක භයානක ප්‍රවණතාවක්. එන්නත් මිශ්‍ර කිරීම සහ සැසඳීම සම්බන්ධයෙන් අපි ඉන්නේ දත්ත සහ සාක්ෂිවලින් නිදහස් ලෝකයක. අපට ප්‍රමාණවත් තරම් දත්ත නැහැ” යැයි ඇය කීවාය.

