බුරන බල්ලෝ නිසා ‘මම මගේ ගමන‘ නතර කරන්නෑ – ඇමැති උදය ගම්මන්පිල
- Editor
- July 12, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
‘මම මගේ ගමන යනවා. ඒ ගමනේදී බුරන බල්ලන්ට ගල් ගසන්නට නැවතී මම මගේ ගමන පමා කරගන්නේ නැහැ‘‘ මේ අපූරු කතාව කිවිවේ පිවිතුරු හෙළ අරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතායි.
කතාවට පදනම වුණේ අපි කවුරුත් දන්න ඉන්ධන මිල ඉහළ දැමීම හා එහි වගකීම බලශක්ති ඇමැතිවරයා විසින් භාර ගත යුතු බවට පොහොට්ටුවේ මහ ලේකම්වරයා කළ කතාව.
ගම්මන්පිල ඇමතිවරයා මේ කතාව කිව්වේ අද (12) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීයි.
ආණ්ඩුවෙන් එළියට දැම්මොත් තමා වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට බව කී ගම්මන්පිල මහතා ජනතාවට ඇත්ත පමණක්ම කීමෙන් විශ්වාසයක් ගොඩනගාගෙන ඇති තමා ජනතාව අතරට යාමට බියවන්නේ නැතැයි ද අවධාරණයෙන් ප්‍රකාශ කළා.
ආණ්ඩුවේ ඇතැමුන් තමා අවුට් කිරීමට උත්සාහ කළත් තවමත් නොදැවී ක්‍රීඩා කරන බවත් එම දිගු ඉනිමෙහි රහස සෑම පන්දුවකටම පිත්ත නොදා සිටීම බවත් සඳහන් කළ ඇමැති ගම්මන්පිල මහතා තමාව ආණ්ඩුවෙන් එළවන්න යනවාද යන්න අදාළ නැතැයි ද ඒ ගැන සොයමින් කටයුතු වෙනස් කරන්නේ නැතැයි ද කිව්වා.
‘‘බල්ලන් බිරුවත් බුරන බල්ලන්ට ගල් ගහන්න නතර වුණොත් මට මගේ ගමන යන්න බැරි වෙනවා‘ ඔහු සුපුරුදු හාස්‍යජනක ස්වරයෙන් කිව්වා.
‘‘ආණ්ඩුව තුළදීත් ඉන් පිටතදීත් මගේ ශක්තිය වන්නේ මා පිළිබඳ විශ්වාසය තැබූ ජනතාවයි. මම ඒ විශ්වාසය පළුදු කර ගන්න සූදානම් නැහැ. රටේ විදේශ විනිමය අර්බුදයක් තිබෙන බව ජනතාවට හමුවේ පැවසුවේ එම විශ්වාසය ආරක්ෂා කරගැනීමටයි, ජනතාවට බොරු කර, ඔවුන් සුරංගනා ලෝකයක අතරමං කරන ආණ්ඩුවකට පැවැත්මක් නැහැ‘‘ යැයි ද ඇමැතිවරයා වැඩි දුරටත් සදහන් කළා.

