21 වැනි සියවසේ විශිෂ්ඨතම පන්දු යවන්නා මුරලිදරන් – පිතිකරු සචින්
- Editor
- June 22, 2021
- ක්රීඩා, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
21වැනි ශත වර්ෂයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ විශිෂ්ඨතම පිතිකරුවා ලෙස සචින් තෙන්ඩුර්කාර්ව නම්කර තිබෙනවා.
ලොව ප්‍රමුඛ රූපවාහිනී ආයතනයක් වන ස්ටාර් ස්පෝට්ස් විකාශන සමාගම විසින් සංවිධානය කරන ලද 50කගෙන් යුත් ජූරි සභාවක් විසින් මෙම නම් කිරීම කර තිබෙනවා. එම ජූරි සභාවට ක්‍රිකට් පිටියේ ශ්‍රේෂ්ටයකු වූ සුනිල් ගවස්කාර් ඇතුලු ප්‍රවීණයින් පිරිසක් ඇතුලත් වූහ.

