පොහොර කළමනාකරණ හා නියාමනයට ‘ජාතික ලේකම් කාර්යාලයක්‘
- Editor
- June 21, 2021
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉදිරි දශකය තුළ මෙරට කෘෂිකර්මාන්තයට මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමේ වැඩපිළිවෙළට සමගාමීව ‘පොහොර කළමනාකරණ හා නියාමන ජාතික ලේකම් කාර්යාලයක්‘ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ඇතුළත් කමිටුවක් පුළුල් අධ්‍යනයක් කර සකස් කරන ලද යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දැනට ක්‍රියාත්මක වන ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙනුවට ස්ථාපිත කෙරෙන මෙම නව ආයතනයට පොහොර සම්බන්ධයෙන් කළමනාකරණය හා නියාමනයද ඇතුළත්ව නිශ්චිත තීරණ කඩිනමින් ගත හැකි වන සේ බලතල පැවරීමට නියමිත අතර ඒ සඳහා 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත අහෝසි කොට නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බවත් වාර්තා වෙනවා.

