Online හරහා මත්පැන් අලෙවියට අවසර හිමිවෙයි
- Editor
- June 16, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෝවිඩ් – 19 වයිරසය පාලනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසරය ලැබුණු විගස අද (16) පස්වරුවේ සිට ඔන්ලයින් හරහා මත්පැන් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
රජයේ මෙම වැඩපිළිවෙළට සමාජමාධ්‍ය වල ‘සුපිරි‘ ප්‍රතිචාර ලැබී ඇති නමුත් එය ආණ්ඩුව අවබෝධ කරගත යුතුය. රසායනික පොහොර මගින් මිනිසුන් මියයන බව, රෝගී වන බව කියමින් ඒවා තහනම් කිරීමට ක්‍රියාකරන ආණ්ඩුව මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ගෙන ඇති මෙම පියවර යළි සමාලෝචනය කළ යුතු බවයි සමාජමාධ්‍ය පෙන්වා දෙන්නේ.
‘රසායනික පොහොර නිසා මිනිස්සුන්ට පිළිකාව හැදෙනවා, මැරෙනවා කියලා ආණ්ඩුව රසායනික පොහොර තහනම් කළා. ඒත් සෞඛ්‍ය අංශ පැහැදිලිව කියනවා මත්පැන් සහ දුම්වැටි නිසා මිනිසුන් ලක්ෂ ගණනක් මිය යනවා කියලා. ඒ වගේම පවුල් අර්බුදය, ගැටුම්, අපචාර වගේම දුප්පත්කමටත් මත්පැන් සහ දුම්වැටි හේතු වෙනවා. මේක ආණ්ඩුවට එක පෑන් පාරින් නතර කරන්න පුළුවන්. ඒත් ඒ වගේම වැඩක් කරන්න ආණ්ඩුවට පුළුවන් කියලා අපි හිතන්නේ නෑ. ඇත්ත කතාව අපි දන්නවා‘ යැයි අප කළ විමසීමකදී සමාජ ක්‍රියාකාරිකයෙක් සදහන් කළා.

