කොවිඩ් මරණ අඩුවෙන්නේ තව සති දෙක තුනකින් – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී
- Editor
- June 15, 2021
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
කොවිඩ්-19 ආසාදිතයින්ගේ සහ කොවිඩ් ආසාදිත මරණවල පැහැදිලි අඩුවීමක් දැක ගැනීමට තවත් සති දෙකක් හෝ තුනක් ගත විය හැකි බව කොවිඩ්-19 මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද කීවාය. “රජය සංචරණ සීමා පනවා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවට අසීරුතා තියෙනවා. ඕනෑම දෙයක් කරන කොට ප්‍රශ්න ඇති වෙනවා. මුලින්ම රෝගීන් වැඩි වුණා. දැන් වෙන කොට රෝගීන් අඩුවෙලා. මරණ අඩු වෙන්න තවත් සති දෙකක් තුනක් යාවි‘‘

