ගඩාෆිට පක්ෂපාත හමුදාවන්ගෙන් ලිබියාවේ ට්‍රිපෝලි ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක්
- RSL
- August 27, 2011
- Uncategorized
- ලිබියාව
- 0 Comments
කර්නල් මුවම්මර් ගඩාෆිට පක්ෂපාත හමුදා ලිබියාවේ ට්‍රිපෝලි ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, මෙහිදී ගුවන් යානයකට හානි සිදුවඇති අතර සිද්ධියත් සමඟ ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක් ද ඇති වු බවයි.
ඊට පෙර ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ උපන්ගම වන සර්ට්හි පිහිටි දැවැන්ත බංකර පෙළකට බ්‍රිතාන්‍ය ටොනාඩෝ වර්ගයේ ප්‍රහාරක යානා මිසයිල ප්‍රහාර එල්ල කළේය.
මේ අතර ලිබියානු කැරළිකරුවන් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ඉල්ලා තිබේ.
එරට අන්තර්කාලීන කවුන්සිලය පවසන්නේ, ලබන මාසය වන විට එක්සත් ජාතීන් නියෝජනය කිරීම සිය අපේක්ෂාව බවයි.