පීඩාවට පත් වූවන්ගේ ණය සහන කාලය දීර්ඝ කරයි

Spread the love

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා දී ඇති ණය සහන කාල සීමාව දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි. ඊට අදාළ නියමයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභි සහ විශේෂිත බැංකු වෙත යොමු කර තිබේ.

පසුගිය 15දා තෙක් නිකුත් කර ඇති ණය පහසුකම් අගෝස්තු 31 වැනිදා දක්වා නැවත සැකසීමට පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ. කොරෝනා ව්‍යසනයේ තුන්වැනි රැල්ලට මුහුණ දී ඇති පුද්ගලයන්ගේ ණය පහසුකම් සහ පොලිය මෙලෙස සකසන ලෙස දැනුම් දී ඇත. එහිදී ණය ගත් පුද්ගලයන්ගේ මූල්‍ය දුෂ්කරතා සහ ආදායම් අහිමිවීම් සැලකිල්ලට ගත යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Tags: