ඇමේසන් වැසි වනාන්තරය ගැන අපි බොහෝ දේ දන්නවා. ඒත් ඇමේසන් ගැන අලුත් තොරතුරු මොහොකක් පවා අලුත් වෙනවා. ඒ නිසා ඇමේසන් ගැන වාර්තා වෙන හැම තොරතුරක්ම, ඡායාරූපයක්ම ලෝකයට අලුත් දැනුමක් ලබා දෙනවා.
බ්‍රසීලියානු ඡායාරූප ශිල්පී සෙබස්තියෝ සල්ගාඩෝ Sebastião Salgado වසර හයක් තිස්සේ ඇමසන් කලාපය පුරා සංචාරය කරමින් වනාන්තරයේ, ගංගා, කඳුකරයේ සහ ගෝත්‍රික ප්‍රජාවගේ අපූරු ඡායාරූප සිය දහස් ගණනක් ගත්තා.
දැන් ඔබ තමාගේ ප්‍රයත්නයේ අවසානය කරා පැමිණ තිබෙනවා. ඒ කැමරා කාචවල සටහන් වූ ඒ විස්මිත ලෝකය ජනතාවගේ දෑස් අභිමුවට ගෙනන යාම.
“මට නම්, එය විශ්වයේ අන්තිම මායිමයි, එය සැබවින්ම අද්භූත විශ්වයක්. ඇමේසන්වල හැර සොබාදහමේ අතිමහත් බලය පෘථිවියේ වෙන කොතැනකවත් දැනිය නොහැකියි” ඔහු පවසයි.
“ලොව විශාලතම තනි ස්වාභාවික විද්‍යාගාරය වන ( ලෝකයේ වාර්තා වන ජීවී ශාක හා සත්ව විශේෂවලින් දහයෙන් එකක් ඇමේසන්වලින් හමුවේ) ඇමේසන් වනාන්තරය අනන්තය දක්වා විහිදෙනවා‘‘
ඇමේසන් ආදිවාසීන් වෙනුවෙන් ජීවිත කාලය පුරාම පෙනී සිටි සල්ගාඩෝ වැසි වනාන්තරය පුරා විසිරී සිටින ගෝත්‍ර දුසිම් ගණනකගේ දෛනික ජීවිතය ඡායාරූපගත කළේය – දඩයම් කිරීම සහ මසුන් ඇල්ලීම, නැටුම් හා චාරිත්‍ර දක්වා ඒ ඡායාරූප අතර විය.
1944 දී උපත ලද සල්ගාඩෝ 1973 දී ඡායාරූප ශිල්පියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීම සඳහා බැංකු සේවකයෙකු ලෙස ගත කළ වෘත්තීය අතහැර ගියේය. ඔහු 1994 දී සිය බිරිඳ වන ලිලියා සමඟ තමාගේම සමාගම වන ‘Amazonas Images‘ පිහිටුවීමට පෙර විවිධ ඡායාරූප ඒජන්සි සඳහා ජාත්‍යන්තර පැවරුම්වල වැඩ කළේය.
වසර ගණනාවක් පුරා, සල්ගාඩෝගේ ඡායාරූප ප්‍රදර්ශන සහ පොත් රාශියක අන්තර්ගත වී ඇති අතර, ඔහුගේ අලුත්ම ඡායාරූප මේ වන විට ප්‍රදර්ශනයට සූදානම් වේ.
“මම මගේ මුළු හදවතින්ම පතන පැතුම නම් තව වසර 50 ක් තුළ මෙම ඡායාරූප නැතිවූ ලෝකයක් පිළිබඳ වාර්තාවකට සමාන නොවනු ඇත යන්නයි” ඔහු පවසයි.
“ඇමසීනියා ජීවත් විය යුතුයි.”
බී.බී.සී ඇසුරිණි