කොවිඩ්-19 ආසාදිත මරණ 23ක්; නව ආසාදිතයින් 2530 ක්
- Editor
- May 11, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
2021 මැයි මස 05 වැනි දින සිට මැයි මස 11 වැනි දින දක්වා සිදුව ඇති කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) දින තහවුරු කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 85ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින (11) නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.
මේ අතර අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,530ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 131,060 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 106,641කි.




